Gossips

යුක්රේනයේ යුද නීතිය

රුසියාව විසින් ක්‍රයිමියානු ප්‍රදේශයේදී සිය නෞකා 3ක් අත්පත් කර ගැනීම සහ කාර්ය මණ්ඩල රදවා ගැනීමෙන් අනතුරුව විශේෂයෙන් රුසියානු දේශසීමා ප්‍රදේශ ඉලක්ක කරගෙන යුද නීතිය පැනවීමට යුක්රේන පාර්ලිමේන්තුව ඊයේ තීරණය කළා.
අගමැති පෙට්රෝ පොරොෂෙන්කෝ ඉදිරිපත් කළ එම යෝජනාවට යුක්රේන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 276 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධ වී ඇත්තේ 30 දෙනෙකු පමණයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල යුද නීතිය හෙට සිට දින 30ක කාලයක් සඳහා ක්‍රියාත්මක වනු ඇති.
යුක්රේනයට අයත්ව තිබූ ක්‍රයිමියා අර්ධද්වීපය 2014 වසරේදී රුසියාව විසින් ඈදා ගැනීමෙන් පසු දෙපාර්ශවය අතර ඇති වූ ප්‍රථම නාවික ගැටුම මෙයයි.