Gossips

යුක්තියේ හඬ උණුසුම් වෙයි

විහාර මහා දේවී එලිමහන් රංග පීඨයේ ඊයේ පැවති යුක්තියේ හඬ ප්‍රසංගය අතරතුර දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ මෙම ප්‍රසංගය සඳහා එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද එක්ව සිටියා.
කෙසේ වෙතත්, ප්‍රසංගයට පැමිණි එක් පාර්ශවයක් උද්‍යානය තුළ පන්දම් රැගෙන මැතිවරණයක් අවශ්‍ය බව කියමින් විරෝධතාවක නිරත වූ අතර, තවත් පිරිසක් මැතිවරණයක් අවශ්‍ය නොවන බව පවසමින් එම ස්ථානයේම විරෝධය දැක්වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.
පසුව දෙපිරිස අතර බහින්බස්වීමක් සිදු වූ අතර, එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව පොලිසිය මැදිහත් වී දෙපිරිස පාලනය කර එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබුවා.