Gossips

යුක්තියේ යාත්‍රාව රථ පෙළපාලිය තංගල්ල නගරයෙන් ගමන් අරඹයි

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන 'යුක්තියේ යාත්‍රාව' රථ පෙළපාලිය අද (02) දෙවනි දිනටත් තංගල්ල නගරයෙන් ගමන් ආරම්භ කළා.
මෙම රථ පෙළපාලිය අද (02) මහියංගනය නගරයෙන් අවසන්වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන 'යුක්තියේ යාත්‍රාව' රථ පෙළපාලිය ඊයේ (01) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වූයේ ආගමික වතාවත්වලින් අනතුරුවයි.
පෙළපාලිය කොළඹ – ගාල්ල මාර්ගය ඔස්සේ ගමන්කර මාතර දෙවුන්දරින් පළමු දිනය අවසන් කළා.
යුක්තියේ යාත්‍රාව අද (02) දෙවනි දිනට ගමන් ආරම්භ කළේ තංගල්ල නගර මධ්‍යයෙන්.