Gossips

යුක්තියේ යාත්‍රාව අද තංගල්ලේ

රජයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන යුක්තියේ යාත්‍රාව අද තංගල්ලෙන් ගමන් ආරම්භ කරනවා.
එය අද දිනයේ කතරගම, මොණරාගල හරහා මහියංගනය දක්වා ගමන් කිරීමට නියමිතයි.
යුක්තියේ යාත්‍රාව ඊයේ උදෑසන කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ඊයේ දිනයේ රථ පෙළපාලිය දෙවුන්දරින් අවසන් වූ අතර, මාතර නගරයේදී ඔවුන් ජන හමුවක් ද පවත්වනු ලැබුවා.
මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර.
‘‘ මේ වෙනකල් ලෝකේ කිසිම රටක් මේ ආණ්ඩුව පිළිඅරගෙන නැහැ. දැන් මේගොල්ලො ඉන්ධන මිල අඩු කරලා කියනවා ඔන්න අපි අඩු කළා කියලා. ඒ අඩු කළේ අපි. අපි තමයි කිව්වේ ලෝකෙ ඉන්ධන මිල අඩු කරනකොට අපි අඩු කරනවා කියලා. ඔක්තෝබර් මාසේ ඩොලර් අසූ ගණනකට තිබුණ ඉන්ධන ටික මේ වෙනකොට ඩොලර් 58 කට බැහැලා තියෙනවා. අන්න එහෙම නම් ඒ අයට රුපියල් 5 කින් නෙමෙයි ඊටත් වඩා වැඩි මුදලකින් තමුන්නාන්සේලාට ඒ සහන ලබා දෙන්නට තිබුණා. අපි ඒ සහනය ඊළඟ බදාදා ආණ්ඩුව යළි වතාවක් භාරගෙන තමුන්නාන්සේලාට ලබාදෙනවා. මේ ප්‍රශ්නය කිව්වාම කිව්වා බහුතරය පෙන්නන්න කියලා. අපි බහුතරය පෙන්නුවා. අත උස්සලා බහුතරය පෙන්නුවාල නැගිටලා බහුතරය පෙන්නුවා සද්දෙන්. අපේ ඇමතිතුමා නම් එතුමා තුනෙන් දෙකේ බහුතරයත් පෙන්නුවා. ගම්පෙරළිය ආපු ගමන් නැවැත්තුවා. මම තමුන්නාන්සේලාට කියනවා අපි යළි වතාවක් කැබිනට් මණ්ඩලයේ වාඩිවෙලා පැය 24 න් තමුන්නාන්සේලාගේ ගම්පෙරළිය ලබාදෙනවා. ගිය වතාවේ අපි ලබාදුන්නේ ආසනයකට කෝටි 20 යි. එන මාසේ ඉඳලා මම තමුන්නාන්සේලාට හැම ආසනයකටම කෝටි 30 ක් දෙනවා. සංවර්ධනය වෙනුවෙන් ’’