Gossips

යාළුවො එක්ක ගිහින් දිය ඇල්ල උඩට නැගලා සෙල්ලමක් දාන්න ගිහින් පහළට ඇදවැටුණු සිසුවා

නොයෙක් බිහිසුණු ස්ථාන වල සිට ඡායාරූප ගන්න ගිහින්, විනෝද වෙන්න ගිහින් සිදුවන මාරාන්තික අනතුරු පිළිබඳව අපට එදිනෙදා දැකගන්න ලැබෙනවා.
තරුණකම බුද්ධිය යටකරගෙන ගිහින් මේ කරන කියන දේවල් වලින් අන්තිමට තමනුත් තමන්ට ගොඩාක් ආදරය කරන හැමෝමත් දුක් විඳිනවා කියන එක තේරුම් ගන්නකොට ගොඩාක් වෙලාවට පරක්කු වැඩියි.
මෙම අනතුරත් තවත් එවැනිම භයානක අනතුරක්.
දිය ඇල්ලක් උඩට නැගපු තරුණයන් පිරිසක් විනෝද වෙමින් සිටින අතරතුර ඉන් එක් තරුණයෙක් පය ලිස්සා පහලට ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් තමයි මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පිහිටි දිය ඇල්ලක් බලන්න ගිය තරුණයෙක් තමයි මෙම අනතුරට ලක්වන්නේ.
මොවුන් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් අඩි 200ක් පමණ ප්‍රපාතයට ඇදවැටුණු එම අනතුරින් සිසුවා බරපතල තුවාල ලබා ඇති අතර ජීවත්වීමට වාසනාව තිබූ බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
පසුව ඔහුගේ කොන්ද ආශ්‍රිතව සැත්කමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
18 හැවිරිදි වියේ පසුවන අදාළ සිසුවා සමබරතාවය ගිලිහී ගොස් ඉන් ඇදවැටෙන අයුරු ඔහුගේ මිත්‍රයෙක් මෙලෙස සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබුනා.
rn