යාළුවොත් එක්ක සතුටින් සෙල්ලම් කරමින් සිටි අවුරුදු හයේ දරුවෙකුට විදුලිසැර වැදී මියගිය හැටි "
නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු අවාසනාවන්ත අනතුරකින් මියයන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි නාසින්ගි නගරයෙන්.
එහි නිවාස සංකීර්ණයක් ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි දරුවෙකු විදුලි සැර වැදීමෙනුයි මෙලෙස අවාසනාවන්ත ලෙස මියයන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 6ක කුඩා පිරිමි දරුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එම දරුවා තවත් දරුවන් පිරිසක් සමඟ එහි ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීයි මෙලෙස විදුලිසැර වැදී මියයන්නේ.
එහිදී දරුවා දිවවිත් එහි ඇති විදුලි පහන් කණුවක් ඇල්ලීමත් සමඟයි මෙලෙස විදුලිසැර වැදී මියගොස් ඇති බව වාර්තා වන්නේ.
මේ අතර එම ස්ථානයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවක එම සිදුවීම සටහන්ව තිබෙනවා.
එම දර්ශන පෙළ පහතින්.
අති සංවේදී දර්ශන සහිතයි.
