අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් යාවජීව සම්මානය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 06 දෙනාගෙන් 03 දෙනෙකු දිවයිනේ ලේඛනගත අපරාධකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (08) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පසුගිය 30 වනදා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛණාගාරයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.