Gossips

යාල වනෝද්‍යාන පිවිසුමේ සූරාකෑම

වන සතුන් නැරඹීම සඳහා යාල ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් සිය ගණනක් පැමිණෙනවා.
එලෙස පැමිණෙන සංචාරකයින්ට වනෝද්‍යාන පිවිසුමේ ඇති අවන්හලේ ආහාර ඇතුළු සියලු භාණ්ඩ අධික මිල ගණන්වලට අලෙවි කරන බව අප මෙම වසරේ ජනවාරි මස 2 වැනිදාද හෙළිකළා.
හිරු සී.අයි.ඒ. හරහා ඒ බව හෙළිකිරීමත් සමග නියමිත මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කළ මෙම අවන්හලේ යළිත් සංචාරකයින්ට වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බව වාර්තා වුණා.
භාණ්ඩවල නියමිත මිලට වඩා වැඩි මිලකට දේශීය සංචාරකයින් සඳහා අලෙවි කරනා මෙහි සේවකයින් විදෙස් සංචාරකයින්ගෙන් අයකරනු ලබන්නේ ඊටත් වඩා වැඩි මිලකටයි.
මෙරට විවිධ ස්ථානවල මෙවැනි සූරාකෑම් අප හෙළි කළේ වරක් දෙවරක් නොවේ.
මෙවැනි සිදුවීම් හරහා තවදුරටත් ඔප්පුවන්නේ මෙරට පාරිභෝගිකයින් සුරැකීමට ස්ථාපිත කර ඇති ආයතනවල අකර්මන්‍යභාවය නොවේද ?
මෙවැනි සූරාකෑම් පිළිබඳ හිරු සී.අයි.ඒ ඉදිරියටත් අවධානයෙන්.