Gossips

යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කෙරේ

යාපනය – වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ දී මවකට සහ දියණියකට සිදුකළ පහරදීමකින් 58 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන් සිය නිවස තුළ සිටින අවස්ථාවේදී අද (02) අලුයම මෙම පහරදීම සිදුව ඇති බවයි.
පහරකෑමෙන් තුවාල ලැබූ 78 හැවිරිදි මව මේ වන විට යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනය සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක ද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.