Gossips

යාපනය මහ නගර සභා පුටුව දෙමළ ජාතික සන්ධානයට

යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉමානුවෙල් ආනල්ඩ් තේරීපත් වුණා.
ඔහු එම තනතුර සඳහා නිතරගයෙන් තේරීපත් වූයේ නගරාධිපති ධූරය සඳහා අද(26) තරග කිරීමට නියමිතව සිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ මුඩිආප්පු රිමිඩියස් ඉන් ඉවත්වීමත් සමගයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය යාපනය මහ නගර සභාවේ බලය හිමිකර ගත්තේ ආසන 16ක් දිනා ගනිමින්.
ඊ.පී.ඩී.පී. පක්ෂට ආසන 16ක්, අකිල් ඉලංගෙයි තමිල් කොංග්‍රසයට ආසන 13ක්, එක්සත් ජාතික පක්ෂයට ආසන 03ක්, සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙන්ම ටී.යූ.එල්. එෆ් පක්ෂය ආසන දෙක බැගින් ලබා ගත්තා.