යාපනය – මණ්ඩතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පා මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා භට පිරිසක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සිදුකළ විමර්ශනයේදී හෙලිවී ඇත්තේ ඔහු නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීම සඳහා උත්සාහ කරමින් සිට ඇති බවටයි. සැකකරු පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.
