Gossips

යාපනය පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩගසයි

යාපනය,කයිට්ස්, පුංකුඩිතිව් වෙරළ තීරයට මළ සිරුරු දෙකක් ගොඩ ගසා තිබියදී ඊයේ(13) සොයාගත් බව යාපනය කයිට්ස් පොලිසිය පවසනවා.
කයිට්ස් පොලිසිය පැවසූවේ තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් එලෙස වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බවයි.
තලෙයිමන්නාරම උතුර ප්‍ර‍දේශයේ පදිංචි 38 හැවිරිදි ඉරස්තියන් නමැත්තෙකුගේ හා 33 හැවිරිදි ආරෝග්‍යරාජ් නමැති දෙදෙනෙකුගේ මළ සිරුරු එලෙස සොයාගෙන ඇති අතර, ඥාතීන් විසින් මළ සිරුරු හදුනාගෙන ඇති බවද පොලිසිය සදහන් කළා.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ පසුගිය 08 වැනිදා අදාළ පිරිස තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර, අනතුරුව නිවෙස් වෙත නොපැමිණ නොමැති බවයි.
මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු බවද පොලිසිය සදහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවතවනවා.
වවුනියාව – මාධව කුලසූරිය