Gossips

යාපනය කොට්ඨාශයේ පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කෙරේ

පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශයේ සියලූම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබෙනවා.
යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කඩිනමින් අවසන් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
එසේම, උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු විසින් මීට සහාය ලබා ගැනීම සඳහා වව්නියාව සහ මන්නාරම යන පොලිස් කොට්ඨාශවලින් අමතර පොලිස් නිලධාරින් සියයකට ආසන්න ප්‍රමාණයක් යාපනය කොට්ඨාශ වෙත කැඳවා තිබෙනවා.