Gossips

යාපනය – කරෙයිනගර් ප්‍රදේශයේදී පහරදීමකින් පුද්ගලයෙකු මරුට

යාපනය – කයිට්ස් – කරෙයිනගර් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයකින් පැමිණි පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.
කරෙයිනගර් මාර්ගයේ යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට එම පිරිස ඊයේ රාත්‍රියේදී පහරදී ඇත්තේ යතුරුපැදියේ විදුලි පහන අඩ අඳුරු නොකිරීම හේතුවෙන් බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ පිරිස යතුරුපැදිකරු ලූහුබැඳ ඔහුගේ නිවසට ගොස් පහරදීම සිදුකර ඇති අතර, ඊට මැදිහත්වූ ඔහුගේ ඥාතියෙකුටද පහරදී ඇති බව සඳහන්.