යාපනය – අරියාලේ චෙම්මනි ප්‍රදේශයේදී ගංජා කිලෝ 14 යි ග්‍රෑම් 560 ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී පොහොර උරයක බහා තිබූ මෙම ගංජා තොගය සොයාගෙන ඇති බව සඳහන්.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ තාලෙඅඩි – මන්දන්කේනි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
එමෙන්ම රාගම නැලිගම බස් නැවතුම්පල අසලදී පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කේරළ ගංජා කිලෝ 3 යි ග්‍රෑම් 350 ක් සමඟ 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා රාගම – මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
