Gossips

යාපනය අර්ධද්වීපයට මිලිමීටර් 150 ඉක්මවූ වැසි

‘‘ගජ’’ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය – අර්ධද්වීපයට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ වනවිට සුළි කුණාටුව කන්කසන්තුරේ සිට කිලෝමීටර් 660 ක් පමණ ඊසාන දෙසින් ස්ථානගත වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙහි බලපෑම හේතුවෙන් හෙට පස්වරුවේ සිට උතුරු පළාතේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකියි.