යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු අර්තාපල් අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත් සමග වෙළඳපොලේ අර්තාපල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 80 ත් 100 අතර, මිලකට අලෙවි වන අතර, ගොවීන් පවසන්නේ රුපියල් 50 ක් වැනි මිලකට තමන්ගෙන් අර්තාපල් කිලෝවක් මිලට ගන්නා බවයි.
