Gossips

යාපනයේ සිදුවූ දුම්රිය අනතුරකින් ව්‍යාපාරිකයෙකුට තුවාල

මෝටර් රථයක් කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කළ දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
යාපනය ප්‍රදේශයේ දී අද (20) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
යාපනය, කන්දර් මඩම් – හින්දු කාන්තා වීථිය අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයයෙන් මෙම මෝටර් රථය ගමන් කිරීමේදී අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් කළ ව්‍යාපාරිකයෙකුට තුවාල සිදුව ඇති අතර ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෙම සිද්ධියෙන් මෝටර් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.