යාපනය, තෙලිප්පලෙයි – මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ ඊයේ (17) රාත්රීයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමට අදාලව පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පෞද්ගලික කරුණක් සම්බන්ධයෙන් මෙම දෙපිරිස අතර ගැටුම ඇතිව ඇති අතර එම අවස්ථාවේ පොලිසිය මැදිහත්ව එය පාලනය කිිරිමට උත්සාහ කිරිමේදි එහි සිටි පිරිසක් පොලීසියට පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදි පොලිස් ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණ වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ මල්ලාකම් ප්රදේශයේම පදිංචි පාක්යරාසා සුදර්ශන් නැමැති 31ක් හැවිරිදි පුද්ගලයෙක්.