Gossips

යාපනයේ ස්ථාන දෙකකින් මෝටර් උණ්ඩ හමුවෙයි

යාපනය – නෙල්ලියඩි සහ කයිට්ස් ප්‍රදේශවල වළදමා තිබූ මෝටාර් උණ්ඩ 11 ක්, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා.
පොලිස් බුද්ධි තොරතුරකට අනුව සිදුකළ කැණීමකදී මෙම උණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ උණ්ඩ තොගය නිෂ්ක්‍රිය කිරීමට ඊයේ යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.