Gossips

යාපනයේ සරසවි ගැටුමකින් සිසුන් තුන්දෙනෙකු රෝහලේ

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් තුන්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
විද්‍යා අංශයේ සිවවන වසරේ සහ දෙවන වසරේ සිසුන් පිරිසක් අතර ඊයේ රාත්‍රී බහින් බස් විමක් දුරදිග යාමෙන් පසු සිවි වන වසරේ සිසුන් දෙවන වසරේ සිසුන්ට පහරදී ඇති බව සඳහන්.
ඉන් තුවාල ලැබු සිසුන් ඇතුළත් කෙරුණේ යාපනය මහ රෝහලටයි. මේ වනවිට ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.