Gossips

යාපනයේ විශේෂ මෙහෙයුමකින් 40 දෙනෙකු අත්අඩංගුවට

යාපනය – මානිප්පායි, චුන්නාකම් සහ කෝපායි ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරෙන්තු ලබා අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයින් හත්දෙනෙකු, වෙනත් වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් හත්දෙනෙකු සහ බීමතින් රිය පැදවූ 16 දෙනෙකුද ඒ අතර වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
එමෙන්ම රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 152 කුට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
ඊයේ (14) පස්වරු 4 සිට රාත්‍රි 9 දක්වා වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, යාපනය සහ මන්නාරම යන පොලිස් ස්ථානවල 500 කට ආසන්න නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුමට එක්ව සිටියා.