Gossips

යාපනයේ විනිසුරු ඉලන්චේලියන් හදිසියේම ධුරයෙන් සමුගනී (ඡායාරූප)

මුළු රටේම අවධානයට ලක්වූ නඩු තීන්දු රැසක් ලබා දුන් යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා 23 දා යාපනය මහධිකරණ විනිසුරු ධුරයෙන් සමුගෙන තිබෙනවා.
ඒ ඉලන්චෙලියන් මහතාව ලබන 28 දා සිට ත්‍රිකුණාමළයේ නව මහධිකරණ විනිසුරුවරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කොට තිබීම හේතුවෙන්.
ඉලන්චෙලියන් මහතා යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් 2015 ජූනි මස 01 දා යාපනයට පැමිණියේද ත්‍රිකුණාමළය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් සේවය කිරීමෙන් පසුව වීම විශේෂත්වයක්.
ඉලන්චෙලියන් මහතාට සමුදීම සදහා යාපනය මහධිකරණ ශාලා පරිශ්‍රයේදී 23 දා සවස විශේෂ උත්සවයක් පැවැත්වූ අයුරු පහතින්.
මේ අතර ඉලන්චෙලියන් මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනෙකු උත්සහ කර ඇතිමුත් එලෙස නොකරන ලෙසට විනිසුරුවරයා ඉල්ලා සිට ඇති බවටයි වාර්තා වන්නේ.

(ඡායාරූප – දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය)