Gossips

යාපනයේ වැසියන්ට ග්‍රීස් යකෙකුගෙන් කරදර

යාපනයේ වැසියන් යළිත් වරක් ග්‍රීස් යකෙකුගේ බියකින් පෙළෙන්නට පටන් ගෙන තිබෙනවා.
මීට පෙර අවස්ථා වලදී යාපනයේ වැසියෝ භූතයින්, යකුන් වැනි අමනුෂ්‍ය බියවලින් පෙළුනද මෙවර ඔවුන් කියා සිටින්නේ මිනිසෙකු යාපනයේ තැන් තැන් වල සිට මිනිසුන්ව බියට පත් කරණ බවයි.
පසුගිය දිනවල යාපනයේ විවිධ ස්ථානවලට රාත්‍රී කාලයේදී මේ ග්‍රීස් යකා පැමිණි බවට යාපනයේ පොලීසි කීහිපයකටම පැමිණිලි ලැබී තිබෙනවා.
මීට පෙර යාපනයට ග්‍රීස් යකෙකුගේ උවදුරක් පැමිණියේ යුද සමයේදීයි
ඒ ග්‍රීස් යකාගේ භීතිය මත යාපනයේ බොහෝ දෙනෙකු තම ගෙවල් දොරවල් පවා අතහැර යන්නට විය.
එම කාලයේදී යාපනයේ ජනතාව මේ ග්‍රීස් යකුන් ලෙස ගෙවල්වලට රාත්‍රී කාලයට පැමිණෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයින් බවට චෝදනා කළ නමුත් එවැනි අයෙකු අල්ලා ගැනීමටද නොහැකි වුණා.
යාපනයේ වැසියෝ පොලීසියෙන් ඉල්ලා සිටින්නේ හදිසියේම යාපනයට කඩා වැදුණු මේ ග්‍රීස් යකා කෙසේ හෝ අල්ලා දෙන ලෙසයි.