Gossips

යාපනයේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

යාපනය – කෝපායි – ඉරුපාලෙයි ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව, යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුරට සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය – කෝපායි උතුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.