Gossips

යාපනයේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මරුට

යාපනය,කෝපායි ප්‍රදේශයේ ඊයේ (06) සවස සිදුවු රිය අනතුරකින් පුද්ග‍ලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණියක් තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ තෙල් ප්‍රවාහනය කළ බවුසර රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කෝපායි ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළඳ සැළක හිමිකරුවෙකු වන 45 හැවිරිදි රන්ජන් නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසුවේ.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ 18 හැවිරිදි දියණියද බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බවුසර රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෝපායි පොලිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.