Gossips

යාපනයේ මහවිරු සැමරුම් තහනම් කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක්

යාපනය විශ්වවිද්‍යාලයේ සංවිධාන කර ඇති බව කියන මහවිරු දින සැමරුම් උත්සව පැවැත්වීම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
මෙහිදී එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයින්ගේ සහ මියගිය සාමාජිකයින්ගේ ඡායාරූප මෙන්ම එම සංවිධානයට අයත් කොඩි සහ ලාංඡන යොදාගැනීම තහනම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි කෝපායි පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඊට අදාල අධිකරණ නියෝගය හෙට දිනයේ ලැබෙනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.