Gossips

යාපනයේ බැංකුවකට අයත් මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් 4 ක් අත්අඩංගුවට

යාපනයේ රාජ්‍ය බැංකුවකට ගෙන එන ලද රුපියල් 11,074,000 ක මුදලකින් රුපියල් 8,020,000 ක මුදලක් අස්ථානගත වීම සම්බ්නධයෙන් පෞද්ගලික ආරක්ෂක ආයතනයක සේවකයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 9 වනදා අනුරාධපුර ප්‍රදේශයේ බැංකුවකිනුයි යාපනයේ බැංකුවට මෙම මුදල් රැගෙනවිත් ඇත්තේ.
සැකකරුවන් මුදල් රැගෙන යමින් සිටියදී තේ පානය කිරීමට අතමරග ප්‍රදේශයකදී වාහනය නතර කර තිබෙනවා.
ඔවුන් තේ පානය කර යළි පැමිණෙන විට මුදල් අඩංගුව තිබු බෑග් දෙකක් අතුරුදන් බවටයි පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.
එම මුදල් බෑග් දෙක කිසියම් අයෙක් සොරකම් කරන්නට ඇතැයි සැක කරන බව ද ඔවුන් ප්‍රකාශකර ඇතැයි සඳහන්.
අනතුරුව සිදුකළ විමර්ශණවලින් පසුවයි මුදල් රැගෙන ගිය නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වයස අවුරුදු 56, 43, 24 සහ 23 වයස්වල පසුවන සැකකරුවන් කැබිතිගොල්ලෑව, අනුරාධපුර සහ ඇලයාපත්තුව ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් පසුගිය 10 වනදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
යාපනය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.