Gossips

යාපනයේ පොලිස් ජීප් රථය පැහැර ගැනීම ගැන විශේෂ විමර්ශනයක්

යාපනය – කොඩිකාමම් පොලීසියට අයත් ජීප් රථය පැහැරගැනීම සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිස් නිලධාරීන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් මෙය සිදුවූයේද නැතිනම් වෙනත් කිරුණක් සම්බන්ධයෙන් අදාළ පැහැරගැනීම සිදුවූයේද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මත්පැන් පානය කළ පිරිසක් අතර ගැටුමක් සමථයකට පත් කිරීමට ගිය අවස්ථාවේ යාපනය – කෝපායි ප්‍රදේශයේදී අදාළ ජීප් රථය පැහැර ගෙන තිබුණේ බීමතින් ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයෙක්.
පසුව එය අතහැර දමා ගොස් තිබූ අතර, සැකකරු පොලීසිය අත්අඩංගුවට ගත්තා.