Gossips

යාපනයේ පුද්ගලයෙකු කොණ්ඩය ආධාරයෙන් ගිනස් වාර්තාවක් තබයි

සිය කොණ්ඩයෙන් කිලෝමීටරයක් දුර වෑන් රථයක් ඇදගෙන ගොස් ගිනස් වාර්තාවක් පිහිටුවීමට යාපනයේ පුන්නාල කට්ටවාන් ප්‍රදේශයේ 54 හැවිරිදි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා.
සෙල්ලයියා තිරුසෙල්වම් නැමති මොහු පෙරේදා දිනයේදී මෙම වාර්තාව තබා ඇත්තේ පුන්නාල කට්ටවාන් ප්‍රදේශයේ පිහිටි සිත්ති විනයාගර් කෝවිලේ 43 වන වාර්ෂික මංගල්‍යයේදියි.
කිලෝමීටර 2 ක දුරක් ට්‍රක්රථයක් ඇදගෙන ගොස් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට අපේක්ෂා කරන බව වාර්තාව පිහිටුවීමෙන් පසු ඔහු ප්‍රකාශ කර තිබෙනවා.