යාපනය – දකුණ – නාවට්කුලි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සහ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පාසලේ දේපළ වලට හානි කිරීම, විදුහල්පතිවරයාට සහ ගුරුවරුන් දෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බවයි.
පාසල් සිසුන් දෙදෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දෙනෙක් මොවුන්ට දඬුවම් කර ඇත්තේ පසුගිය බදාදායි.
පසුව මෙම සිසුන් දෙදෙනා ඔවුන්ගේ මිතුරන් පිරිසක් රැගෙන මෙලෙස විදුහල්පතිවරයාට, ගුරුවරුන්ට පහරදී පාසලේ දේපළවලට ද හානි සිදුකර තිබුණා.