Gossips

යාපනයේ නිවසකට ප්‍රහාරයක්

යාපනය – නල්ලූර් – නායර්මාකණ්ඩු ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් අලාභ හානි සිදුකර තිබෙනවා.
එහිදී ඔවුන් නිවසේ නවතා තිබූ වෑන් රථයකට ද ගිනි තබා ඇති අතර එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී යාපනය පොලීසිය කියා සිටියේ මුදල් පිළිබඳ ආරවුලක් මත මෙම සිද්ධිය සිදුව ඇති බවයි.
මෙම නිවසේ හිමිකරු කොන්ත්‍රාත්කරුවෙකු වන අතර, ඔහු යටතේ සේවය කළ පුද්ගලයින්ට දීර්ඝ කාලයක් තිස්සේ වැටුප් නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.
ඊට උරණ වූ එම පිරිස මෙලෙස අලාභ හානි සිදුකර ඇති බව සඳහන්.