යාපනයේ පාසිඌර් පළාතේ ධීවරයින්ට ඊයේ (05) උදෑසන කිලෝග්‍රෑම් 104 ක් බර විශාල මාලුවකු හසු වී තිබෙනවා.
මෙම මත්සයාට වැල්ලේ පැවති වෙන්දේසියේදී කිසිවෙකුත් මිලක් නොතැබීම නිසා ධීවරයින් පිරිසගේ බලාපොරොත්තු සුන් වූ බවයි වාර්තාවන්නේ.
පසුව එම මත්සයා අල්ලාගත් ධීවරයින් පිරිස එය අලෙවි කර ගැනීම සදහා යාපනය මාලු වෙළද සැල වෙත රැගෙනවිත් තිබෙනවා.
