Gossips

යාපනයේ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය – අරියාලේ – නෙලූක්කුලම ප්‍රදේශයේදී යතුරුපැදියක්, දුම්රියක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියේ මෙම යතුරුපැදිය ගැටී ඇත්තේ යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්.
මියගිය දෙදෙනාගේ වයස අවුරුදු 29 ක් සහ 30 ක්.