යාපනය – සුලිපුරම් ප්‍රදේශයේදී සය හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට වහාම දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා යාපනය ප්‍රදේශයේ පාසල් දරුවන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ ඝාතනයට ලක් වූ දැරිය ඉගෙනුම ලැබූ කාට්ටුකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසල ඉදිරිපිටදීයි.
මෙහිදී ඔවුන් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් වෙත සංදේශයක් ද බාර දුන් බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.
