Gossips

යාපනයේ දැරියගේ ඝාතකයා ඥාතියෙක් (ඡායාරූප)

යාපනය – සුළිපුරම් ප්‍රදේශයේදී ගෙළ සිරකර සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ඥාතියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
22 හැවිරිදි සැකකරු සුළිපුරම් – කාට්ටුපුලම් ප්‍රදේශයේදී ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
යාපනය – සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී පෙරේදා දැරියගේ මළ සිරුර සොයාගත් අතර, යාපනය රෝහලේදී ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂනයේදී අනාවරණ වූයේ ඇයගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි.
පෙරේදා පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබී සොයාගත්තා.
සැකකරු පාසල නිම වී පැමිණි දැරිය කුරුල්ලන් පෙන්වීමට යැයි පවසමින් අසල ළඳු කැළෑවකට රැගෙන ගොස් අපයෝජනය කර තිබෙනවා.
එම අවස්ථාවේදී දැරිය සිහිසුන්වී ඇති අතර, බියට පත් වූ සැකකරු දැරිය මියගොස් ඇතැයි උපකල්පනය කර ගෙළ මිරිකා ළිඳට දමා ඇති බවයි පොලීසිය කියා සිටියේ.
දැරියගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සුළිපුරම් ප්‍රදේශයේදී සිදුකෙරුණු අතර, මෙම ඝාතනයට එරෙහිව ඇගේ පාසලේ සහ තවත් පාසල් කිහිපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඊයේ විරෝධතාවල ද නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප -වවුනියාව, මාධව කුලසූරිය