Gossips

යාපනයේ ජලනල ව්‍යාපෘතියක් සකස් කිරීමේදී මිනිස් අස්ථි කොටස් හමුවේ

යාපනය – කල්වියන්කාඩු ප්‍රදේශයේ භූ ගත ජල නල පද්ධතියක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරමින් සිටින අතරතුර මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.
යාපනය පොලීසිය සදහන් කළේ පොළොව මතුපිට සිට අඩි 3 ක පමණ ගැඹුරින් අදාළ අස්ථි කොටස් හමුවී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.