Gossips

යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ ඇඳුම්වල කොටස් සොයාගනී

යාපනය,සුළිපුරම් ප්‍රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇදගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම්කොටස් කිහිපයක් කැළෑවක තිබි ඊයේ(01) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ දැරිය ඝාතනයට ලක්වු ස්ථානයට මීටර 500 ක පමණ දුරක ලදු පදුරක් අසළ තිබි දැරිය ඇද සිටි යට ඇදුමක කොටස් යැයි සැක කරන කොටස් කිහිපයක් එලෙස සොයාගත් බවද පොලිසිය සදහන් කළා.
දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් 22 හැවිරිදි දැරියගේ බාප්පා කෙනෙකු හා වයස අවුරුදු 18 ක් හා 17 ක් වන මාමාවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් එළැඹෙන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඝාතනයට ලක්වු දැරියගේ අවසන් කටයුතු දෙමාපියන්, ගම්වාසීන්ගේ සෝ සුසුම් මැද 26 වැනිදා සවස යාපනය සුළිපුරම් තිරුවෙඩි‍නිලෙයි සුසාන භූමියේදී සිදුකරනු ලැබුවා.
දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර, දැරියගේ ගෙල සිරකොට ඝාතනය කොට ඇති බව එහිදි අනාවරණය වුණා.
පාසල් නිළ ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි 25 වැනිදා සවස සොයා ගනු ලැබුවා.
පොලිසිය පැවසූවේ දැරිය 25 වැනිදා පාසල් ගොස් නැවත නි‍වස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගත් බවයි.