Gossips

යාපනයේ ගුරුවරියකට තියුණු ආයුධ වලින් ප්‍රහාරයක්

යාපනය කොකුවිල් ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් එහි සිටි කාන්තාවක් තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ සේවය කරන නැටුම් ගුරුවරියක්.
ඊයේ (30) සවස සිදුවූ මේ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ ඇය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවා.
මේ පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධියට අදාළ සැකකරුවන් සොයා පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.