Gossips

යාපනයේ ගැටුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට

යාපනය – තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් සමතයකට පත් කිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
තෙලිප්පලෙයි – මල්ලාකම් සහයමාතා දේවස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රීයේ මෙම ගැටුම ඇතිව තිබෙන බවයි එම ප්‍රදේශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කල විමසිකමදි සදහන් කළේ.
පෞද්ගලික කරුණක් සම්බන්ධයෙන් මෙම දෙපිරිස අතර ගැටුම ඇතිවී තිබෙනවා.
එම අවස්ථාවේ පොලිසිය මැදිහත්ව එය පාලනය කිිරිමට උත්සාහ කිරිමේදි එහි සිටි පිරිසක් පොලීසියට පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදි පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේම පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නැමැති 31ක් හැවිරිදි පුද්ගලයෙක්.