Gossips

යාපනයේ අනතුරකින් තරුණ ජීවිතයක් නැතිවෙයි

යාපනය, වඩමරච්චි සහ තෙන්මරච්චි අතර ප්‍රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු ඊයේ (11) පස්වරුවේ මියගොස් තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක තරුණයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තරුණයා ගමන් කළ යතුරුපැදිය මාර්ගය අසල පිහිටි තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය තරුණයාගේ සිරුර මරදන්කේණී රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර යාපනය පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.