Gossips

යාපනයේ අතරමංවී සිටි කාන්තාවක් පොලිසියට භාරදෙයි

කොළඹ පිළියන්දල සිට යාපනයට පැමිණ යාපනයේ අතරමංවී සිටි කාන්තාවක් කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිරිසක් විසින් දැක 15 දා රාත්‍රී චුන්නාකම් පොලීසිය වෙත බාර දී තිබෙනවා.
මේ කාන්තාව තවත් පිරිසක් සමග යාපනයට පැමිණ සතියකට වඩා වැඩි කාලයක් ගතවී ඇති අතර දෙමළ භාෂාව නොදන්නා ඇය යාපනයේ එහා මෙහා ඇවිදිමින් තමන්ගේ නඩය සොයමින් සිට තිබෙනවා.
ඇය සමග යාපනයට පැමිණි පිරිස කිසියම් හේතුවක් මත ඇයව දමා ආපසු ගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ.
චුන්නාකම් පළාතේ තරුණයින් පිරිසක් කාන්තාවක් රාත්‍රී කාලයේ එහා මෙහ යන එන අයුරු දැක ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සිංහල කාන්තාවක් බව දැනගෙන සිංහල භාෂාව දන්නා සමාජ සේවාක්යෙකු එතැනට කැදවා ඇගෙන් විස්තර දැනගෙන තිබෙනවා.
පසුව මේ පිළිබදව චුන්නාකම් පොලීසියට තොරතුරු දන්වා ජෙයෂ්ඨ පොලිස් නිලධාරියෙකුට අතරමංවූ කාන්තාව බාර දී ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව චුන්නාකම් පොලීසිය එම කාන්තාව ආපසු ඇගේ ගම් ප්‍රදේශයට යැවීමට පියවර ගෙන තිබෙනවා.
දිනසේන රතුගමගේ