Gossips

යාපනයේදී යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක්

යාපනය – නීර්වේලි දකුණු ප්‍රදේශයේ සෙම්බාට්ටු – පුල්ලෙයාර් කෝවිල අසලදී යතුරුපැදි වලින් පැමිණි පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.
ඉන් බරපතල තුවාල ලැබූ දෙදෙනා පළමුව කෝපායි රෝහලට ඇතුලත් කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කර පැමිණි 7 දෙනෙකු මෙම පහරදීම සිදු කර තිබෙනවා.
පහර කෑමට ලක්වු 23 සහ 21 හැවිරිදි තරුණයින් දෙදෙනා සහ පහරදීම සිදුකල පිරිස අතර සිටි අයෙක් සමඟ කෝපායි මංසන්ධියේ දී බහින් බස්වීමක් සිදුව තිබෙනවා.
අනතුරුව තරුණයින් දෙදෙනා සෙම්බාට්ටු – පුල්ලෙයාර් කෝවිල අසලට පැමිණි අවස්ථාවේදි ඔවුන් සමග බහින්බස්වීම ඇති කරගත් පුද්ගලයා ඇතුලූ 7 දෙනා යතුරුපැදිවලින් පැමිණ පහරදීම සිදුකර ඇති බව සඳහන්.