Gossips

යාපනයෙන් මෝටාර් බෝම්බ 12ක් හමුවෙයි (ඡායාරූප )

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යාපනය කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේදී වල දමන ලදයි සැකකරෙන මෝටාර් බෝම්බ 12ක් ඊයේ (27) සවස කොඩිකාමම් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පලෙයිවයික්කාල් ප්‍රදේශයේ වැලි ගොඩදැමීමට ගිය පිරිසකටයි මෙම ආයුධ තොගය මුලින්ම හමු වී ඇත්තේ.
ඉන් අනතුරුව ඔවුන් ඒ බව කොඩිකාමම් පොලිසියට දැනුම් දී තිබෙනවා.
කොඩිකාමම් පොලිසිය ලබාගත් අධිකරණ නියෝගයකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්යා බලකා සෙබලුන් කළ සෝදිසි කිරීම් වලදී මිලිමීටර් 81 වර්ගයේ ජීවි මෝටාර් උණ්ඩ 12 ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මේ ආයුධ තොගය යුද සමයේදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් මෙසේ වල දමන්නට ඇති බවටයි ආරක්ෂක අංශ සැක පල කරන්නේ.
මෙලෙස ගොඩගත් ආයුධ තොගය යාපනය පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් විසින් විනාශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

( ඡායාරූප – රොමේෂ් මදුෂංක )