Gossips

යාපනයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

යාපනය – කොලොම්බුතුරෙයි ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු යාත්‍රාව සමඟ අතුරුදන්වී තිබෙනවා.
තවත් ධීවර යාත්‍රාවක් සමඟ ඊයේ ඔවුන්ගේ යාත්‍රාව මුහුදු ගොස් ඇති අතර, එය එකවරම අතුරුදන්වූ බවට අනෙක් යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනා පැමිණිලි කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මේ වනවිට නාවික හමුදාව අතුරුදන්වූ ධීවරයින් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් සිදුකරනවා.