Gossips

යාපනයෙන් ප්‍රාග් ඓතිහාසික මානවයින් ගැන අලූත් හෙළිදරව්වක්

යාපනය අර්ධද්වීපයේ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මීට වසර මිලියන 1.6 කට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයින් ශ්‍රී ලංකාව හා සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
පැවති යුදමය වාතාවරණය නිමාවත් සමග යාපනය අර්ධද්වීපයේ වෙරළාසන්නයේ සිදුකරන ලද සමීක්ෂණයකදී එම ස්ථානයේ පැවති ගල් ගුහාවක තිබී සුවිශේෂී ශිලා මෙවලම් කිහිපයක් හමුවීමත් සමග මෙම තොරතුරු අනාවරණ වී ඇති බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාඥ කැලූම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි සදහන් කළේ.
එම ස්ථානයේ තිබී සොයා ගනු ලැබූ මෙම ශිලා මෙවලම් අප්‍රිකාවේ පුරාවිද්‍යාඥයින් සිදුකරන ලද කැණීම් කටයුතු වලදී ඔවුනට සුලභව හමුවන ශිලා මෙවලම් වලට සමාන බැවින් අප්‍රිකාවේ ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට විශ්වාස කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
එම තොරතුරු අනුව ලෝකයේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ සදහා ආසියාව මෙන්ම, ශ්‍රී ලංකාව ද වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව ඔහුගේ අදහසයි.
මෙම ශිලා මෙවලම් සහ යාපනය අර්ධද්වීපයේ සිදුකරන පරීක්ෂණ කටයුතු මේ වනවිටත් සිදුවන බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාඥ කැලූම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.