Gossips

යාපනයෙන් දඹුල්ලට එන එළවළු අඩු වේ

පවතින වියලි කාලගුණය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබෙන එලවළු තොගවල අඩුවීමක් දක්නට ලැබෙනවා.
මේ හේතුවෙන් එලවළු මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ.
එමෙන්ම, යාපනයට ගොස් වෙළඳුන් ඍජුවම ගොවීන්ගෙන් එලවළු මිලට ගැනීම හේතුවෙන්ද මෙලෙස දඹුල්ලට එලවළු තොග ලැබීමේ අඩුවක්ද දක්නට ලැබෙන බව සඳහන්.