පසුගිය වසර 3කට ආසන්න කාලයේදී යාන්ත්‍රික කියත් එක්ලක්ෂ 20,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති අතර, ඉන් ලියාපදිංචි කර ඇත්තේ 37,000ක් පමණක් බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.
පරිසරය රැකගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙලට අදාළව මෙම කටයුත්ත ආරම්භ කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 20 වනදායි.
ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පෞද්ගලිකව භාවිත කරන සියලුම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
එලෙස ලියාපදිංචියට ලබාදුන් කාලය පෙබරවාරි මස 28 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණත් පසුව එම කාලය මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා.
කෙසේ වෙතත්, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ කියා සිටියේ යාන්ත්‍රික කියත් ලියාපදිංචියේ අඩුවක් දක්නට ලැබෙන බවයි.