Gossips

යාන්ත්‍රික කියත් සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය බව ජනපති කියයි

ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා යාන්ත්‍රික කියතේ සිට විශාල යන්ත්‍රය දක්වා බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
පොදු ජනතා සුබ සිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ ඉලක්ක පිළිබදව දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකට කොළඹ දී අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
එවැනි යන්ත්‍ර ළඟ තබාගෙන සිටින පුද්ගලයින් මේ මස 15 වන දා සිට මාර්තු 01 වන දා දක්වා කාලය තුළ ළඟම තිබෙන පොලිස් ස්ථානයට කරුණු වාර්තා කළ යුතු බවටයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.rn