Gossips

යාන්ඔය ජලාශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක්

යාන් ඔය හරස්කර හොරොව්පතාන – වාහල්කඩ ප්‍රදේශයේ අලූතින් ඉදිකෙරෙන ජලාශය පිරවීමේදී ඊට යටවන ප්‍රදේශයේ කොටුවී සිටින වන සතුන් බේරාගැනීමේ මෙහෙයුමක් මේවනවිට ආරම්භ කර තිබෙනවා.
හොරොව්පතාන වනජීවී කාර්යාලය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ මැදිහත්වීමෙන් මෙය ක්‍රියාත්මක බවයි ෂා වාර්තාකරු සඳහන් කළේ.
මෙහිදී අල්ලාගන්නා වඳුරන්, රිළවුන්, උරගයින් වැනි සතුන් වෙනත් වනගත ප්‍රදේශයක් වෙත මුදාහැරීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළා.